ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.
දැනට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද, නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.