2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇත.

2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය.




වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව ජුලම්පිටිය අමරේ පසුව පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

Similar Posts