gas

මස්කෙළිය ශා/ ජෝශප් විදුහල අසල පවතින අනතුරුදායක විශාල ප්‍රමානයේ ගස් දෙකක් හේතුවෙන් එම විදුහලේ ගොඩනැගිලිවලට මෙන්ම පාසල් සිසුන්ට අවදානමක් පවතින බව එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ මෙම විදුහල අසල රූස්ස ගස් දෙකක් පවතින බවත් එම ගස් හේතුවෙන් තම දරුවන්ට යම් හානියක් ඇති වෙතැයි දැඩි බියක් පවතින බවත්ය.
යම් හෙයකින් පවතින සුලං තත්වයන් මත මෙම ගස් කඩා වැටිමකට ලක් වුවහෝත් එයින් සිදුවිය හැකි හානියන් සිතා ගැනිමටවත් නොහැකි බවත් මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම ගස් කපා ඉවත් කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts