Sri Lankan tution class

රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ වී ඇති බවට අනුමාන කළ හැකිය. මෙම මස සිට රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ද කර තිබෙන රජය බදු ආදායම් වැඩි කරගැනීම කෙරෙහි විශාල අවධානයකින් කටයුතු කරයි.

ටියුෂන් පන්ති පවත්වන දේශකවරුන් හා ගුරුවරුන් වාර්ෂිකව රුපියල් බිලියන 210ක ආදායමක් උපදවනමුත් රජයට එයින් බදු ආදායමක් නොමැති නිසා නියාමනයක් අත්‍යවශ්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සිළුමිණ පුවත්පතට පවසයි.

ඔහු පවසන පරිදි 3-5 ශ්‍රේණි ටියුෂන් ගුරුවරුන් රු. බිලියන 35ක් ද, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ටියුෂන් ගුරුවරුන් රු. බිලියන 94ක ආදායමක් ද, උසස් පෙළ ටියුෂන් ගුරුවරුන් රු. බිලියන 80ක ආදායමක් ද වාර්ෂිකව ජනනය කරති.

More Stories