පවතින ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්රදේශයේ පුද්ගලික බස් රථ හා පාසල් වැන් හා බස් රථ නිසි ලෙස ධාවනය නොවිමත් සමග පාසල් සිසුන් අතුළු බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් මත තම අද දින පුද්ගලික බස් රථ හා පාසැල් වැන් රථ නිසි ලෙස ධාවනය නොවිමෙන් තම දරුවන්ට නිසි ලෙස පාසල් යාමට නොහැකිවු බව එම දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පවසන ලදි.
පුද්ගලික බස් රථ නිසි ලෙස ධාවනය නොවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වු බවද මගින් පිරිසක් පැවසිය.
මෙම තත්වයන් පිලිබද කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ තමන්ට නිසි ලෙස ඩිසල් නොමැති විමෙන් තම පුද්ගලික බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බැවින් තමන් මෙන්ම බස් මගින්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා