“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා විසින්. ඔහු මෙවැනි පනත අවශ්‍යතාවය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා එහිදී 1971 කැරැල්ල සම්බන්ධවත්, 1979 වන විට උතුරු පලාතේ සිදුවන සිදුවීම් සම්බන්ධව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා. එහිදී විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පනතට විරුද්ධ නොවන බවත් දැනට පවතින තත්ත්වයන් අනුව මෙම පනත උතුරු පලාතට පමණක් පනවන ලෙස ඉල්ලා සිටියේය.” -නීතිඥ ධනුෂ්ක සිල්වා-

නීතිඥ ධනුෂ්ක සිල්වා විසින් මෙම අදහස් පැවසුවේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නායක නායිකාවන් වෙනුවෙන් පැවති දෙදින සමුළුවක සම්පත්දායකයෙක් ලෙස සහභාගි වන අතරතුරය. ඔහු විසින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ වෙනුවෙන් සිදු කළ පර්යේෂණයක් වූ “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත: ඉතිහාසය, සන්දර්භය හා වර්තමාන භාවිතය” යන්න පදනම් කරගෙන ඔහු එම ඉදිරිපත් කිරීම හා සාකච්ඡාව මෙහෙයවීය.

මෙම වැඩසටහන මීගමුවේ කාමෙලොට් හෝටලයේ දී පැවැත්විනි. ඒ සඳහා රයිට් ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් සහභාගි විය. රයිට් ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ද මෙම වැඩසටහන සහභාගි විය.

More Stories