හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිමත් සමග ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත.
මේ වන විට හැටන් විල්ෆ්‍රඩ් පුර, ගාමිනි පුර, බණ්ඩාරනායක පුර යන ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයක කුණු කසල නිසි ලෙස ඉවත් නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල කිප දෙනකුම පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල ගොඩ ගැසෙන කුණු කසල නිසි ලෙස ඉවත් නොකිරිමත් සමග මැසි මදුරු උවදුරු ඉහල යාමත් සමග තම සෞඛ්‍ය තත්වයන්ට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ පිලිබදව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස තමන් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories