හොරු ඇල්ලීමට පවතින නීති රීතිවලට වඩා ශක්තිමත් නීති රීති හඳුන්වාදෙමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මේ මෙහොතේ අතවශ්‍ය වන්නේ තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙනැවිත් ආර්ථිකය සවිබල ගැන්වීම බව ජමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේය.
වත්මන් ජනපතිවරයාගේ නායකත්වයෙන් ගතවූ දෙවසරක කාලය තුළ නව නීති 75කට වඩා ප්‍රමාණයක් ගෙනැවිත් නීති පද්ධතිය ශක්තිමත් කිරීම කර තිබෙන බව පැවසූ මහාචාර්යවරයා නව දූෂණ විරෝධී පනත හරහා රටේ නීති පද්ධතිය ශක්තිමත් කොට ඇතැයි ද කීය. ඒ අනුව රාජ්‍ය ආයතනවල අල්ලස දූෂණය වංචාව පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතනවල පවා එම දුබලතා මැඬලීමට පියවර ගත හැකි බව ද පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාව වැනි රටකට මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍ය වන්නේ නව ආයෝජන ගෙන ඒමයි. දේශීය ආයෝජනවලට අමතරව ඍජු විදේශීය ආයෝජන ගෙන ආ යුතුයි. මේ සඳහා පෙලඹෙන විදේශ ආයෝජකයන් අප රටට පැමිණීමට පෙර ලෝක දූෂණ විරෝධී දර්ශකයෙහි අප රට සිටින තැන පිළිබඳ සොයා බලනවා. එය ඉහළ තැනක තිබේ නම් ඔවුන්ගේ පැමිණීම ප්‍රමාද කරනවා. නැතිනම් එන්නේම නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මෑතකදී අපට දූෂණය නතර කරන ලෙසට දැඩි කොන්දේසි පනවා තිබෙනවා” යැයිද ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
“මෙම නිසා වත්මන් ආණ්ඩුව ගත් නීති ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්. යම් ආයෝජනයක් දිනා ගැනීමට යෑමේදී රාජ්‍ය ආයතන ගණනාවක සේවා ලබාගත යුතුයි. එමෙන්ම අනුමැතීන් ලබාගත යුතුයි. මේවා ලබා ගැනීමේදී අල්ලස් දූෂණ සිදුවීම් වැළැක්විය යුතුයි. රාජ්‍ය ආයතනවල පමණක් නොව පෞද්ගලික ආයතනවල සිදුවන මෙවැනි දේ පවා දුරලීමට දූෂණ විරෝධී නව පනතින් ඉඩ ලැබී තිබෙනවා. එය සාර්ථකව ක්‍රියාත්මක විය යුතුයි.
අප වැනි රටවල විදේශ ආයෝජන දිනා ගැනීමේදී බාධා රාශියක් මතුවී තිබෙනවා. බොහෝ සේවක වැඩවර්ජන, යල් පැන ගිය කම්කරු නීති, නිලධාරිවාදය ඒ අතර ප්‍රධානයි” යැයිද ප්‍රතිභා මහානාමහේවා මහතා කීය.