tamil news

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09, 10, 11 යන දිනවලදි පැවැත්විමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක බලා සර්මා පුජකතුමන් පවසන ලද්දේ හැටන් නගරයේ පැරනිතම දේවාලය වන හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09වන දින සිට 11වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය.
ඒ අනුව මේ මස 09වන දින පෙරවරු 8.00 සිට කතරගම දේවාලයේ තේරු උත්සවයේ ආරම්භක වීශේෂ පුජාව දේවාලය තුල පැවැත්වෙන අතර 10වන දින පෙරවරු 10.00ට හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි දේවාලයෙන් ආරම්භ වන කිරි කල පෙර හැර හැටන් පොලිසිය පාර, නගර සභා පාර ඔස්සේ හැටන් දෙවන විදිය හරහා ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලයට පැමින එම කිරිවලින් කතරගම දේව ප්‍රථිමාව දෝවනය කරන බවත්ය.
11වන දින පෙරවරු 9.00ට කතරගම දේව ප්‍රථිමාව රැගත් තේරු පෙරහැර හැටන් දෙවන විදිය ඔස්සේ ප්‍රධාන බස් නැවතුම් පල දක්වා ගමන් කර ප්‍රධාන විදිය ඔස්සේ හැටන් මල්ලිඅප්පුව දක්වා ගමන් කර නැවත කතරගම දේවාලය වෙත කතරගම දේව ප්‍රථිඅමාව වැඩම කරවිමෙන් මෙවර තේරු උත්සවය නිමාවට පත් වන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories