තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත.
තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වේ.
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් සව්සිරිපාය ශ්‍රවණාගාරයේ අද(28) උදේ 9.30 සිට 12.30 දක්වා පැවැත්වේ.
මෙය සිංවිධානය කරන ලද්දේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයයි.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන දේශණය පවත්වනු ලබයි.
2016 අගෝස්තු මස 04 වනදා පාර්ලිමේන්තුව තුළ තොරතුරු දැනගැනිමේ පනත සම්මත වූ අතර මෙම පනත ලොව පනත් ශ්‍රේණිගත කිරිම් අතර සිව්වන ස්ථානයේ පසුවන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.