කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත.

දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව අනෙකුත් මහද්වීප සියල්ල පුරා පැතිර ඇති මාරාන්තික කෝවිඩ් – 19 වෛරසයේ ​ගෝලීය ව්‍යාප්තිය හා බලපෑම පිළිබඳ අනතුරු හැඟවීම ඉහළ (High) සිට ‘ඉතා ඉහළ’ (Very High) මට්ටම දක්වා ඉහළ දැමීමට ​ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

වෛරසය ඊයේ (1 වැනිදා) දිනය වනවිට ලොව රටවල් 53 ක පැතිර තිබිණි.

කෝවිඩ් – 19 ​වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට නම් කළ රෝහල් 15 න් රෝහල් කිහිපයකම මේ වනවිට සැක සහිත රෝගීන් 15 දෙනකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් පස්දෙනකු (5), කුරුණෑගල ශික්ෂණ රෝහලේ තිදෙනකු (3), මීගමුව දිස්ත්‍රික් මූලික රෝහලේ සිව්දෙනකු (4), සහ රත්නපුර ශික්ෂණ රෝහලේ දෙදෙනකු (2) ද කරාපිටිය ශික්ෂණ රෝහලේ එක් අයෙකුද ප්‍රතිකාර ලබන බව පැවැසේ.

More Stories