dabulla-arthika-madyasthanaya

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග  ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන්  විශාල වශයෙන් පැමිණීමත් සමග  එළවළු මිල ද වෙනදාට වඩා  විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

ලැබෙන  එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල  මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ  පවසති .

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21  දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව  තිබිණි.

බෝංචි 280 -300, ගෝවා 150 ත් 160 ත්, අමුමිරිස් 150ක් 200ත් ,  ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල  280 -300 ත් , කැරට්  140- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් ,  මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා80 ත් 90 ත් වම්බටු 140 -150  මෑ කරල් 150 – 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220  නොකොල් 90 ත් 110 ත් , මුරුංගා 300 ත්  කැකිරි 100 ත් 105 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .

Similar Posts