මස්කෙළිය බ්‍රවුන්ස්ව්ක් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං හේතුවෙන් එම වතුයායේ නිවාස අටකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පිරිස් අවතැන්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 24වන දින මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නිවාස අටක වහල සෙවිලි සුලගට ගසා ගෙන ගොස් එම නිවාසවලට හානි සිදුව ඇති බවත්ය.
එම නිවාසවලට හානි සිදුවිමත් සමග එම නිවාසවල පදිංචිව සිටි පවුල් අටක සමාජිකයන් හතලිස් දෙනකු අවතැන්වු අතර එම පිරිස් මේ වන විට එම වතුයායේ කෝවිලක් තුල තාවකාලිකව නවාතැන් ගෙන ඇති බවත් එම පිරිසට අවශ්‍ය ආහාර පාන ලබා දිමට එම වසම බාර ග්‍රාම නිලධාරි මහතා විසින් පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts