හැටන් දික්ඔය නගර සභාව තුල පසු ගිය නිලධාරි පාලන කාලය තුලදි විවිධ දුෂන සිදුව ඇති බවට විවිධ තොරතුරු ලැබෙන බවත් එම කාලය තුලදි මෙම නගර සභාවේ සිදුව ඇති විවිධ දුෂන පිලිබදව කොමිසමක් පත් කල යුතු බවත් එම නගර සභාවේ නාගරික මංත්‍රි හා හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

නන්දකුමාර් මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව මාධ්‍යට පැවසු එමහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මෙවර පලාත් පාලන මැතිවරණය පැවැත්විමට පෙර පලාත් පාලන ආයතනවල පාලනය වසර දෙකක පමන කාලයක් නිලධාරින් විසින් පාලනය කලා එම කාලය තුලදි හැටන් දික්ඔය නගර සභාවේ සමහර නිලධාරින් විසින් විවිධ දුෂන ක්‍රියා සිදු කිරිමත් සමග මෙම නගර සභාවට විවිධ පාඩු සිදුව ඇති බවට මේ වන විට ආරංචි ලැබෙමින් පවතිනවා.

එයින් ප්‍රධාන වශයෙන් පවසන්න පුලුවන් විශාල මුදලක් වැය කර හැටන් නගරයේ ස්ථාපිත කර ඇති ජිව වායු ව්‍යාපෘතිය එය අද පුස්සක් බවට පත් වෙලායි තියෙන්නේ මේ පිලිබදව මෙම සභාව පත්වුනදා සිට අවස්ථා කිපයක් නගර සභා රැස්විම්වලදි මම ප්‍රශ්න කලත් එයට නිසි පිලිතුරක් ලැබුනේ නැහැ.

මේ වන විට මධ්‍යම පලාත් පාලාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන්ද මේ පිලිබදව වාර්ථාවක් එවන ලෙස ඉල්ලා තිබෙනවා එයට දෙන වාර්ථාව දෙසත් අපි බලා සිටිනවා මෙම ව්‍යාපෘතිය ලැබුනේ මගේ පාලන කාලයේදි එම ව්‍යාපෘතිය සදහා ඉඩමක් වෙන් කලත් නගර සභා විසුරුවා හැරිමත් සමග එය නිලධාරි පාලනයට ගියා.

එම අවස්ථාවේදි මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කරන ලද ඉඩමේ එය සිදු නොකර මෙම ව්‍යාපෘතියට කිසිසෙත්ම නුසුදුසු ස්ථානයක මෙය සිදු කිරිමෙන් එම නිලධාරින් නගර සභාවට විශාල පාඩුවක් සිදු කර තිබෙන බවයි මගේ හැගිම එම නිසා මේ පිලිබදව සොයා බැලිමට කොමිසමක් පත් කල යුතුයි මේ පිලිබදව මා ඉදිරියේදි මධ්‍යම පලාත් පාලන කොමසාරිස්වරයා වෙතද ලිඛිතව දන්වා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories