කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්‍රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ.

අද වන විට මෙම වෛරසයෙන් මිය යන ප්‍රථිශතය 8% දක්වා ඉහල ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසයට ගොදු වූ පිරිස 169,605 ක් බව වාර්තා වන අතර ඉන් සම්පුර්ණ සුවය ලබා ඇති ප්‍රමාණය 77,772 (92%) ක් බව වාර්තා වේ.  ඒමෙන්ම මෙම වෛරසය ආසාදිතව මිය ගිය ප්‍රමාණය අද වන විට 6,518 (8%) බවත් වාර්තා වේ. දැනට ප්‍රථිකාර ලබමින් සිටිනා රෝගීන්ගෙන් 5921 (7%) ප්‍රමාණයක් අවධානම් මට්ටමේ පසුවන බවත් මේ අතර වාර්තා වේ.

ඊයේ දිනය වාර්තා වූ වැඩිම රොගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදයෙනි. ඒම ප්‍රමාණය 97වන අතර, දකුණු කොරියාවෙන් රෝගීන් 47 දෙනෙකු අලුතින් සොයා ගෙන තිබේ. චීනය මෙම වෛරසය පැතිරීම පානය කර ඇති බව වාර්තා වුවත් ඊයේ රෝගීන් 16 දෙනෙකු අලුතින් සොයාගෙන තිබේ, ඒමෙන්ම, ඊයේ දියයේ චීනය තුළ මිය ගිය සංඛ්‍යාව 14 බවත් වාර්තා වේ.

චීනය තුල කොරෝනා රෝගීන් 80,860  දෙනෙකු  මේ වන විට සොයා ගෙන ඇති බවත් ඉන් 67,758 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා ඇති බවත් වාර්තා වේ. චීනය හැරනු විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියෙන් රොගීන් 24,747 මේ වන විට සොයා ගෙන ඇති අතර, රොගීන් 1809ක් මිය ගොස් තිබේ.

 

 

More Stories