ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සදහා කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි.
කවර දිස්ති‍්‍රක්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන භෝග නිෂ්පාදන කි‍්‍රයාවලියේ නිරත ජනතාවට ඒ සඳහා අවසර ලබාදී තිබේ.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මාධ්‍ය සේවා මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනය සඳහාද ඉඩ ලබාදී ඇත.
පොලිස් මූලස්ථානය අවධාරණය කළේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවයි.