මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය.
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා.
දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී ඇත.
එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවය.
සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.