වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ.
පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය, ගම්පංගුව, රඹුක්කැටිය ආදි ප්රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා නුගයාය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.