derana news today

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි.

ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ය.

එමෙන්ම, අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබේ.

Similar Posts