බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අවමගුල් උත්සවය අද (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් සවස 3.30ටය.

අද උදෑසන වනතෙක් දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා රැගෙන එන්නේ කාලතුවක්කු වාහනයක තැන්පත් කරයි. මෙය ඇදගෙන යනු ලබන්නේ රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසිනි. මෙම පෙරහර වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත්වන්නේ ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට පමණය.

ලොවපුරා රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ 500ක් පමණ අවමඟුල් උත්සවයට සහභාගී වෙති.

මෙම පසුබිම තුළ රැජනගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් දහස් ගණනක් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති විශේෂ ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබේ.

More Stories