රජය මගින් විවිධ දේශපාලකයන් මගින් ඉටුවිය යුතු බොහෝ සේවාවන් මේ රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.
23වන දින සවස හැටන් උත්සව ශාලාවකදි හැටන් සතුටු නිවස පදනම මගින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්රසංගයකදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
හැටන් සතුටු නිවස පදනමේ සභාපති දේවගැති පෙරුමාර් රවින්ද්‍රන් පානිය ජලය නැති ජනතාවට පානිය ජලය ලබා දිමට පියවර ගන්නවා අධ්‍යාපනය හදාරන දරුවන්ට අවශ්‍ය පොත් පත් පාසල් උපකරන සපත්තු ශිෂ්‍යත්ව මුදල් ආදිය පමනක් නොවෙයි උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට ලැප් ටොප් පවා ලබා දිමට පියවර ගන්නවා.
එමෙන්ම අද මේ උත්සවයේදි පවා කාන්තාවන් පිරිසකට සාරි ලබා දිම පාසල් දරුවන්ට අවශ්‍ය උපකරන ලබා දිමත් සිදු කලා මෙම තැගි ලබා දිමේදි කිසිදු ජාති ආගම් භේදයක් නොබලා තමයි එම තැගි ලබා දිමත් සිදුකලේ මෙතුමා මෙවැනිදේ සිදු කරන විට යම් හෙයකින් මෙතුමා දේශපාලනයට ආවොත් අපිට මොනවා වෙයිද කියලා බයකුත් ඇති වෙනවා.
වීශේෂයෙන් මේ වතුකරයේ ජන ජිවිතය නගා සිටු විමට නම් මේ වතුකර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිමට පියවර ගත යුතු මේ වතුකර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිමට දේවගැති පෙරුමාර් රවින්ද්‍රන් විශාල මෙහෙයක් සිදුකරනවා ඔහුගේ එම මෙහෙය තවත් ශක්තිමත් කිරිම සදහා මමත් පාසල් සිසුන් තුන් සිය දෙනකුට අවශ්‍ය පාසල් පොත් ඔහුට ලබා දිම පියවර ගන්නවා.
මෙහිදි වතුකරයේ කාන්තාවන් 75 දෙනකුට සාරි, පෙර පාසල් දරුවන් 50කට පොත් හා පාසල් බැග්, පාසල් සිසුන් 75කට පාසල් උපකරන හා සපත්තු, පෙර පාසල් ගුරුවරියන් පිරිසකට මුදල් තැගිද නත්තල වෙනුන් ලබා දිමද හැටන් සතුටු නිවස පදනම මගින් සිදු කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්