හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ ලංගම බස් රථ නැවතුම්පල භුමියේ විශාල ප්‍රමාණයේ වලවල් හැරිමත් සමග බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම බස් රථ නැවතුම්පලේ විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග වැසි දිනවල එහි වැසි ජලය පිරිමෙන් බස් රථ ධාවනය කරන විට තමන්ට නොමිලේම මඩ වතුර නැමට හැකිව ඇති බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත් වන බවත් බස් මගින් පවසති.

මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන් පවසනුයේ බස් රථ බස් නැවතුම්පලට පැමිනේමේදි එම බස් රථවල රෝධ මෙම වලවල්වලට වැටිමත් සමග මඩ වතුර මගින්ගේ ඇගට විසිවිම මත එම මගින් තමන්ට දැඩි ලෙස බැන වදින බවත් එමෙන්ම බස් රථද විවිධ දෝෂයන්ට ලක්වන බවත්ය.

මෙම බස් රථ නැවතුම් පල භුමිය නවිකරන කිරිමේ කටයුතු මෙයට වසර දෙකකට පමන පෙරදි රුපියල් ලක්ෂ 12ක ඇස්තමේන්තුවක් මත හැටන් දික්ඔය නගර සභාව මගින් බාර ගෙන ලක්ෂ 7ක අත්තිකාරමක්ද ලබා ගෙන නවිකරනය කලද එම නවිකරන කටයුතු නිසි ලෙස සිදු නොවිම මෙම තත්වයන්ට හේතුවි ඇති බවත් එම අත්තිකාරම් මුදලද වතුරේ ගොස් ඇති බවත් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙහි කොන්ත්‍රාත්කරුට මෙම බස් නැවතුම්පලේ නවිකරන කටයුතු නිසි ලෙස සිදු කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දිමට පියවර ගෙන ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories