Shehan Semasinghe

දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට ප්‍රමුඛතාව දීම වැදගත් බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මැතිවරණය ළංවීමත් සමග විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ ආර්ථික උපදේශකවරුන්, මෙරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවන අදහස් ප්‍රකාශ කරන බවයි.

මීට වසර දෙකකට පෙර සම්පූර්ණයෙන්ම අවුල්සහගතව පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු පාර්ශව විශාල කාර්යභාරයක් ඉටු කළ බව, ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දැඩි කැපකිරීමකින් පසු සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ, වෙනස් කිරීම හරහා විනාශකාරී ප්‍රතිඵල උදාවනු ඇති බව ද, ඔහු අවධාරණය කළේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයේ දේශපාලඥයින්ගෙන් සහ උපදේශකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කරන බොරු පොරොන්දු දීමෙන් වළකින ලෙසයි.

Similar Posts