gampaha-corona

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද (09) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගෙන තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.

More Stories