වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය  පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි.

දොඩංගොඩ, හර්මන් වත්ත  ශ්‍රී  සම්බෝධි  විහාර භූමියේ වසර ගණනාවක සිය ජිවත්වු   විශාල  ඉත්තෑවකු වෙසක් පෝ දිනට පෙරදින  මරා දමා ඇතැයි  විහාරාධිපති හිමියෝ දොඩන්ගොඩ පොලීසියට  පැමිණිළි කිරිමෙන්  පසු  වහා ක්‍රියාත්මකවූ පොලීසිය  ඉත්තෑ මළකුණ සමඟ සැකකරු   අත් අඩංගුවට ගෙන ඇත.

මත් ද්‍රව්‍ය  වැරදි  සම්බන්ධයෙන්  ද මීට ඉහතදි ද අත් අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්  කළ  මෙම සැකකරු  ” දඟයා”  නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන  අයෙකු  බවද පොලීසිය කියයි .

සිද්ධිය පිළිබඳ  දොඩන්ගොඩ පොලීසිය  වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts