නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ.
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපතිතුමා විසින් ස්ථාපිත කරනු ලැබ තිබේ.
මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් ය.
එහි සභාපතිවරයා ලෙස වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි.
මීට අමතරව එම කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානියා, රේගු අධ්යක්ෂ ජනාරාල්වරයා ඇතුළු පිරිසක් ද එහි සාමාජිකයින් ලෙස නම් කර ඇත.