පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව සඳහ්න්.
මහනුවර දිස්ත්‍රික්කය
මැදදුම්බර
උඩුදුම්බර
උඩුනුවර
දොළුව
පහතහේවාහැට
හාරිස්පත්තුව
පාතදුම්බර
යටිනුවර
දෙල්තොට
ගඟවටකොරළය
උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක
මාවනැල්ල
යටියන්තොට
මාතලේ දිස්ත්‍රික්කය
උකුවෙල
අඹන්ගඟකෝරළය
නාවුල
විල්ගමුව
යටවත්ත
පල්ලෙපොල
මාතලේ
රත්තොට
ලග්ගල
පල්ලේගම
නුවරඑළිය දිස්ත්‍රික්කය
වලපනේ
ගැඹුරු පීඩන අවපාතය අවම වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අදින් (29) පසු ක්‍රමයෙන් අවම වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව අද දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.