නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ.
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.
මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කෙරෙනවා.
ඒ, කිසිදු මහජන සහභාගිත්වයකින් තොරව සෞඛ්‍ය රීතීන්වලට යටත්වයි. ඉකුත් 9 වනදා මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ සතර මහා දේවාලවල කප් සිටුවනු ලැබුවා.
ඉන් අනතුරුව 12 වනදා තෙක් දේවාල අභ්‍යන්තර පෙරහැර 5 ක් ද පැවැත්වුණා.
ඉකුත් 13 වනදා සිට පුරා දින 5 ක් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරුණා. ප්‍රථම රන්දෝලි පෙරහැර විථි සංචාරය කෙරුණේ ඉකුත් 18 වනදායි.
ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කිරීමෙන් අනතුරුව හෙට දිනයේ ගැටඹේ තොටේදී දිය කැපීම සිදුවනවා. හෙට දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.