ඉදිරි ජනාධිපතිවරණයේ ඉරණම ඉමියුනොගොලොබියුන් වංචා නඩුවෙන් විසඳෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ; ජර්මනියේ නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසුව තත්ත්ව පරීක්ෂණවලින් තොරව මිනිසුන් සඳහා ඖෂධයක් භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන නඩුව වනු ඇති බවයි.

වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ඉමියුනොගොලොබියුන් ලබාදීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ බව ද හෙතෙම පෙන්වාදෙයි.

මෙයින් ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාවක් ගැන ද තොරතුරු හෙළි ව ඇති බවයි චමල් සංජීව වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙම සිදුවීමේ මහමොළකරු හිටපු සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම් හා ඖෂධ නියාමන අධිකාරිය විජිත් ගුණසේකර අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කර සිටියි.

More Stories