තමන්ට පාර්ලීමේන්තුවට යාමට හැකි වුවහොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු හා ග්‍රාමිය රෝහල් වැඩි දියුනු කිරිමටත් තරුණ පිරිසට අයි. ටි. තාක්ෂණය ඔස්සේ නිවෙසිවල සිට රැකියා කිරිමේ අවස්ථාවන් ලබා දිමටත් පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි.
මෙවර පැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව අදහස් දක්වමින් මාධ්‍ය වෙත මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මේ වන විට මෙම ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල පානිය ජල ප්‍රශ්නයක් පවතිනවා මොකද බොහෝ ප්‍රටදේශවලට ලැබෙන පානිය ජලය හොද නැහැ එහි කැල්සියම් අයිඩින් වැඩි පුර තිබිම තුලින් වකු ගඩු රෝගය පැතිරෙනවා එම නිසා මෙම තත්වයන් වෙනස් කිරිමට එම ප්‍රදේශවල නිවාස කිපයක් එක ඒකකයක් බවට පත් කර ලිටර් දෙදහයේ ජල ටැංකි ජල පිල්ටර් සමග සවිකර මෙම පනිය ජල ප්‍රශ්නය විසදිමට පියවර ගන්නවා.
එමෙන්ම මේ වන විට අයි. ටි. තාක්ෂනය හොදින් ඉගෙන ගත්ත බොහෝ පිරිසක් මෙම ප්‍රදේශයේ ඉන්නවා එම පිරිසට වර්කින් හෝම් (නිවසේ සිට වැඩ කිරිම) යටතේ ලැප්ටොප් ලබා දිලා දේශිය හා විසෙද්ශිය සමාගම් සමග සේවය කිරිමේ අවස්ථාවන් ලබා දිමටත් පියවර ගන්නවා මේ වන විට මම දෙසිය පනහක් පමන තරුණ පිරිසට මෙවැනි සේවාවන් ලබා දිමටත් පියවර ගෙන තිබෙනවා.

ඒ තුලින් එම පිරිසට මසකට රුපියල් හතලිස් දාහා අසු දහා ලක්ෂය වැනි මුදලක් උපයා ගන්න පුලුවන් මට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලැබුනොත් මෙම වර්කින් හෝම් රැකියා අවස්ථා පහාලොස් දාහා විසි දහා දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා.
මෙම සියලුමදේ කිරිමට මට මේ ප්‍රදේශයේ ජිවත් වන පිරිසගේ සහය අවශ්‍ය වෙනවා එම මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කර මෙම දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටු කිරිම සදහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරිමට ඔබලාගේ වටිනා ඡන්දය අලියාට ලබාදි මාගේ අංක 09ට මනාපයක් මාහට ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts