gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 04වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 84 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 2065 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම අසාදිතයන් අතරින් ආසාදිතයන් 366ක්ම අලුත් අවුරුද්දෙන් පසුව එනම් අප්‍රේල් මස 20වන දින සිට මැයි මස 04 වන දින දක්වා වාර්ථාවි ඇති බවත්ය.

04වන දින උදැසන වන විට වාර්ථාවු ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් වලපනේ හා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්ථාවි අති බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් තුනක් හුදකලා කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම  ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට කටයුතු කරන බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත සමස්ථ මරණ 15ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories