නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා.
150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.