elec set alarm for 11 30

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනිමෙදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධිණ කණ්ඩායම් 15 ක් නාම යෝජනා ලබා දිමට පියවර ගෙන තිබු බවත්ය.
එසේ නාම යෝජනා බාරදි තිබු කණ්ඩායම් අතරින් පිලිගත් දේශපාලන පක්ෂ වන ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, අරුණලු ජනතා පෙරමුණ හා ස්වාධිණ කණ්ඩායම් 04රක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විමත් සමග පිලිගත් දේශපාලග පක්ෂ 17ක් හා ස්වාධිණ කණ්ඩායම් 11ක් තරග බිමට පිවිස ඇති බවත්ය.
එම තත්වයන් මත පිලිගත් දේශලන පක්ෂ වන ජන අරගල සංධානය, ජන සෙත පෙරමුණ, සමාජවාදි සමනතා පක්ෂය, දෙවන පරපුර, ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ, සර්ව ජනබලය, ජාතික ජනබල වේගය,එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංසික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමබිම පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, එක්සත් සමාජවාදි පක්ෂය, සමග ස්වාධිණ කණ්ඩායම් 11ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇති බවද ඔහු පැවසිය.
එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තුව සදහා මංත්‍රිවරුන් අට දෙනකු තෝරා ගන්නා අතර එම තත්වයන් මත එක් කණ්ඩායමකින් අපේක්ෂයන් 11 දෙනකු ඉදිරිපත් කෙරෙන අතර ඒ අනුව මෙම දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) දෙනකු තරග බිමට එක්ව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය හගුරන්කෙත, නුවරඑළිය මස්කෙලිය, කොත්මලේ, වලපනේ යනුවෙන් මැතිවරණ බල ප්‍රදේශ හතරක් පවතින අතර මෙම දිස්ත්‍රික්කය තුල ඡන්දදායකයන් හය ලක්ෂ පන්දාහාස් දෙසිය අනු දෙදෙනකු (605292) ලියා පදිංචිව ඇත.
එම තත්වයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් දහනවදාහාස් හයසිය හැට හය දෙනකු (19666) සදහා එක් අපේක්ෂකයකු මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්ව ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts