නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 09වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

පසුගිය දිනවලදි හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව 09 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම ආසාදිතයන් හමුවු බවත් මෙම ආසාදිතයන් අඹගමුව, බගවන්තලාව, නුවරඑළිය, වලපනේ නව තිස්පනේ යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත සමස්ථ මරණ 78ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

නුවරඑළිය රාජ්‍ය නිලධාරින් හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල පිරිස් සදහා කොවිඩ් එන්නත් කරන වැඩ සටහන 09වන දින නුවරඑළිය ගාමිණි මහා විදුහලේදි පැවති අතර එහිදි ඊයේ 09 දිනය තුලදි 3000කට පමන එන්නත ලබා දිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා එන්නත් 50000ක් ලැබි ඇති බවත් මෙම එන්නත් අඹගමුව, කොත්මලේ, වලපනේ, හගුරන්කෙත, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින්, අත්‍යවශ්‍ය සේවා නිලධාරින් යන අයට ලබා දිමෙන් අනතුරුව 11වන දින සිට එම ප්‍රදේශවල අවුරුදු 60 වැඩි පිරිස් සදහා ලබා දිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories