government information center

නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු කියා සිටියේ මෙවර මැතිවරණයට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60කට වැඩි පිරිසක් ඉදිරිපත් වී නොමැති බවයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2025 වසර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

Similar Posts