ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය නමින් පොහොට්ටු ලකුණින් ලියාපදිංචි කිරීම සඳහාවන ඉල්ලීම ඊයේ (17) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අදාළ ඉල්ලීම අපි මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන ලදි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළුව පක්ෂ 9ක් ඒකාබද්ධව මේ සන්ධානයට ඇතුළත් වී සිටියි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ විජයග්‍රහණය සඳහා විශාල සන්ධානයක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ලේඛන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද මැතිවරණ කොමිසමට භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සභාපතිවරයා හැටියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ප්‍රධාන ලේකම් ලෙස බැසිල් රාජපක්ෂ මහතාත් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් නම් කර තිබෙනවා.

ජාතික සංවිධායකවරුන් හැටියට දයාසිරි ජයසේකර, විමල් වීරවංශ මහත්වරුන් නම් කර තිබෙනවා. ඊට අමතරව උපලේකම්වරයා ‍හැටියට උදය ගම්මන්පිල, උප සභාපතිවරුන් හැටියට තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර මහත්වරු නම් කරයි.

More Stories