මුන්දලම දේවාලහංදිය ප්රදේශයේ නිවසක බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්ර නැමති බිළිදෙකි.
දරුවාගේ පියා දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.