හැටන් නගරයේ ඉදිකර ඇති පදික වැටවල්වල නගරයේ සමහර වෙළද සැල් හිමියන්ගේ හා සේවයන්ගේ ඇදුම් පවා වේලිමට දැමිම වැඩි ඇතක නොවන බව නගර වැසියන් කිප දෙනකුම පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති පදික වැටවල්වල සමහර වෙළද සැල් හිමියන් කාපට් ඇතුළු විවිධ දේ වේලිම සදහා දැමිම සිදු කරන බවත් මේ සම්බන්දයෙන් නගර සභා නිලධාරින් මර නින්දේ පසුවන බවත්ය.
නගර සභා නිලධාරින්ගේ පවතින මෙම උදාසිනත්වය මත විශාල මහජන මුදලක් වැය කර ඉදිකර ඇති මෙම පදික වැටවල් විනාශ වන්නා සේම නගරය අවලක්ෂන වන බවත් මෙම කාලය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දෙස් විදෙස් සංචාරයන් විශාල පිරිසක් හැටන් නගරයට පැමිනෙන බවත් එවන් තත්වයන් මත ඔවුන් තුල හැටන් නගරය පිලිබදව දැඩි අප්‍රසාදයක් පවතින බවත්ය.
එමෙන්ම නගර සභාවේ සේවකයන් මෙවැනි වෙළදුන්ට එරෙහිව නිසි පියවර නොගැනිම මත මෙම සමහර වෙළදුන් හා ඔවුන්ගේ සමහර සේවකයන් ඔවුන්ගේ යට ඇදුම් පවා මෙම යකඩ වැටවල වේලිමට දැමුවද එය පුදුමයක් නොවන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්