sugar
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සීනි ඇතුළත් ගෝනි 200 ක් මෙලෙස සොයා ගෙන ඇත.බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත.
එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි.
කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම සීනි තොගය අලෙවිය සඳහා සැලසුම් කර තිබී ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

More Stories