පවතින පලාත් සභා ක්‍රමය අහෝසිකර ග්‍රාමිය ජනතාවට වඩාත් සමීප පලාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් වන ආකාරයට අවශ්‍ය නෛතික වාතාවරණයක් ඇති කරන්නැයි රැස්වු වලල්ලාවිට ප්‍රාදේශිය සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය.
රටේ බහුතර ජනතාවකගේ අප්‍රසාදයට ලක්ව ඇති පලාත් සභා අහෝසි කරන ලෙස පලාත් පාලන ආයතනයක යෝජනාවක් සම්මතවු ප්‍රථම අවස්ථාව මෙය වේ.
වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් මීගහතැන්න ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) රැස්වු මාසික සභා රැස්විමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාලක තරංග සමරවික්‍රම මහතා මෙම යෝජනාව ඉදිරිපත් කලේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ. රෝහිත කුමාර මහතා යෝජනාව ස්ථිර කරමින් යෝජනාවට පක්ෂව කරුණු දැක්වීය.
වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා, ශ්‍රීලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රිවරුන්, සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයා මෙම යෝජනාවට පක්ෂව අදහස් ඉදිරිපත් කළේය.
අනතුරුව යෝජනාව පිළිබද ඡන්දය විමසන අවස්ථාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජිව කළුගලආරච්චි මහතා සභාවේ නොසිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රි සමිත් ලක්මාල් මහතා ඡන්දය පාවිච්චි කිරිමෙන් වැලකි සිටියේය.
ඒ අනුව යොජනාවට පක්ෂව මන්ත්‍රිවරුන් 21 දෙනෙකු කැමැත්ත පළ කර අතර එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකිම නිසා යෝජනාව ඒකමතිකව සම්මත විය.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න