mathpan

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ පහත වැටී තිබිණි.

ඒත් අවුරුදු සමයේ දී එය සියයට 20කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ මත්පැන් අලෙවියේ ඉහළ යෑමක් සිදු වී තිබේ.

මත්පැන් මිල අඩු කිරීමේ අරමුණින් සුරා බද්ද රුපියල් 2000කින් අඩුකරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නද එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අලුත් අවුරුදු සමයේ දී මත්පැන් මිල අඩුවෙතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටි නමුත් මත්පැන් මිල අඩු නොවුණද අලෙවිය ඉහළ ගොස් තිබේ. මත්පැන් අලෙවිය පහත වැටී තිබීම නිසා නිෂ්පාදන කළ එතනෝල් ලීටර් ලක්ෂ අසූවක්ද පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල ගබඩා කර ඇත.

Similar Posts