warning

පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

“මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය පස්ගුණයක් විතර ඉහළ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අපි වෙනදා විදියටම ඇන්ටිජන් පරීක්ෂණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල සිදුකරනවා නම්. කෙසේවෙතත් බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත විශාල වශයෙන් රෝගීන් ඉන්නවා. ඔවුන් රෝගීන් ලෙස තහවරු කරගැනීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් සිදුකිරීමේ හැකියාවක් නෑ මොහොතේ. ඒ වගේම පවතින ආර්ථික අර්බුදය නිසාම රෝගීන් රෝහල්ගත වීම වැඩිවුණොත් මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවන බව පේන්න තියෙන්නේ. ඒ වගේම බිම් මට්ටමෙන් මේක පාලනය කිරීම සඳහා ඉන්ධන අර්බුදය මත පාලනය කර ගැනීම අපහසුවිය හැකියි.”

මේ අතර පවතින තත්ත්වය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි එකම විසඳුම හැකිතාක් සෞඛ්‍ය පුරුදු පිළිපැඳීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

“මේ මොහොතේ අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය පුරුදුවලට නැවත වතාවක් අනුගමනය කරන්න පටන් ගන්න කරන්නේ නැතිනම්. ඒ සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ හැකි සෑම අවස්ථාවකම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න. මුහුණු ආවරණය පොදු ප්‍රවාහනයේ දී හා ජනතාව ඒකරාශී වන ස්ථානවලට යනවා නම් අනිවාර්යයෙන්ම නිසි පරිදි පලඳින්න. ඒ වගේම දෑත් පිරිසිදුව තබාගැනීම වැදගත්. අවසාන වශයෙන් තමාට නියමිත එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”

Similar Posts