weather today at my location

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන්, විශේෂයෙන් ඔක්තෝම්බර්මස 28, 29 සහ 30 යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.

හෙට දිනයේ(28)දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේඇතැම් ස්ථානවලට මි.මී100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ දකුණුපළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

More Stories