school

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව වාර්තා වේ.

දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වන දා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට සතියක පමණ කාලයක සිට විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මුදල් හා විවිධ ද්‍රව්‍ය ලබා ගන්නා විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇත.

More Stories