පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අගෝස්තු 01 වනදා තෙක් අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, අගෝස්තු 01 වනදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි දුම්රිය වෘත්තීය සමිති අද අනාවරණ කළා. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා මතුව ඇති බවයි.
බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයින් පුද්ගලයින් 74 දෙනෙකු ආපසු හරවා යවා ඇත්තේ පුද්ගලයින් 6247 දෙනෙකු පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.