පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි.
පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්වත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පවසයි.
එළඹෙන රාමසාන් උත්සව සමය මෙන්ම ඊයෙ අකුරණ ප්රදේශයේ දේවස්ථානයක් පිළිබඳ ලැබුණු නිර්ණාමික ඇමතුම පදනම් කර ගනිමින් මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.