paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති අතර ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේද යුරෝ ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හාරසියයක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බව ජූඩ් ක්‍රිසාන්ත පියතුමා පැවසීය.

Similar Posts