මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ.

විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය මැදවච්චිය පදවිය කැබිතිගොල්ලෑව නොච්චියාගම ඇතුළු ප්‍රදේශ රැසක සත්ව පාළනයේ නිරත ගොවින් සියයකට අධික පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සත්ව පාලනයේ නිරතවන ගොවින් පන්සියයකට අධික පිරිසක් සිය පවුල් නඩත්තු කරනු ලබන්නේ සතුන් අලවිකිරිමේ ව්‍යාපාරයෙන් වන අතර පසුගිය වසර කිහිපයක තිස්සේ මහපරිමාන ව්‍යාපාරිකයන් විදේශ රටවලින් මස් ආනයනය අධිකව සිදුකිරිම නිසා මස් පිනිස ඇති කරනු ලබන එළුවන් අලවිකර ගැනීමට නොහැකිව කූඩු හා ගාල්තුල මරණයට පත්වන තත්වයකට පත්වෙමින් තිබෙනා බව විරෝධයට එක්වු ගොවින් කීහ.

මෙම විරෝධතාවයට සහය දැක්වු සමස්ත ලංකා කිරිගොවියා සුරකිමේ සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා.අද හැම දෙයක්ම පිටරටින්.මේ ගොවියෝ මොකක්ද ඉල්ලන්නේ තමන්ගේ කර්මාන්තය හරිහැටි සිදුකර ගන්න ඉඩ දෙන්න කියලා.

එළු ගොවියන් සියයට අනුවක් එළුවන් ඇති කරන්නේ රටේ මස් අවශ්‍යතාවයට නමුත් අද වෙනකොට ඒ මස් ටිකත් පිටරටින් ගේනවා.මැතිවරණයක් අත ලග.ඔන්න ප්‍රධාන පක්ෂ දෙකම අවධානය යොමුකරන්න ඕන මේ ගැටළු වලට.රටින් එළදෙන්නු ගෙනවා.බැටළුවෝ ගෙනවා.

දැන් අහිංසක ගොවියා පාරට දාන්න එළු මස් ටිකත් රටින් ගේන්න අවසර දීලා.වහාම මේ ආනයන කටයුතු නවත්වන්න නැත්නම් අපි රජයට අනතුරු අගවනවා ඉදිරියේදි සියළුම සත්ව පාලන ගොවින් එකට එකතුවෙලා රට පුරා දැවැන්ත විරෝධතා පවත්වනවා.ඒ වගේම පශු සම්පත් ඇමතිතුමාගේ ගෙදරත් අපි වටලන්න පසුබට වෙන්නේ නෑ කියලා කියනවා.

අනුරාධපුර – බුද්ධික විජේසුරිය

More Stories