rt-pcr

දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය  වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත.

කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප‍්‍රමාණය වැඩි කිරීමටත්, එමගින් දැනට දිනකට කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප‍්‍රමාණය තවත් දහසකින් පමණ වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙයි.

Similar Posts