ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදි තිබෙනවා.

කොළඹ,  මාතලේ,  බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන 5 ක් මෙලෙස කිසිදු උත්සවයක් පැවැත්විමකින් තොරව ජනතා අයිතියට පැවරිමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදි ඇත්තේ.

මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදි වැඩ නිම කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවකදියි අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය මෙම උපදෙස් ලබාදි ඇත්තේ.

එම ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ට කොළඹ හා මාතලේ ඉදිකරන ලද ඔලිම්පික් මට්ටමේ හොකී ක්‍රිඩංගන දෙකක්,  බිංගිරිය වයඹ ක්‍රිඩා සංකිර්ණයේ පිහිනුම් තටාකය,  ඕමන්තේ වව්නියා දිස්ත්‍රික් ක්‍රිඩා සංකිර්ණයේ පිහිනුම් තටාකය හා ඕමන්තයේ වව්නියා දිස්ත්‍රික් ක්‍රිඩා සංකිර්ණයේ බහු ක්‍රිඩා ගෘහස්ත ක්‍රිඩාංගනය ඊට ඇතුළත්.

දිවයින පුරා සිටින පාසල් සිසුන් හා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා කඩිනමින් මෙම ක්‍රිඩා මධ්‍යස්ථානයන්හි පහසුකම් භුක්ති විදිමට අවස්ථාව ලබාදෙන බව ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදි සදහන් කර තිබෙනවා.

එමෙන්ම රජය විසින් ඊට ආයෝජනය කර ඇති සැලකිය යුතු රාජ්‍ය අරමුදල් හදුනාගනිමින් මෙම පහසුකම් ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරිමට සහය වන ලෙස එම දෙපාර්තමේන්තුව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Similar Posts